ගීතයකට පණදුන් පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ සහෝදරත්වය...

ඉංජිනේරු ලක්මාලි කරුණානායක & උත්පල කෞශල්‍යය විසිනි

හැම කලාවක් තුළම තියෙන්නේ කිසියම් වූ විද්‍යාවක්. ගීතය කියන්නේත් එවැනිම වූ විද්‍යාවන්ගේ සොඳුරු නිර්මාණයක්. ඉංජිනේරුවරියක් අතින් ලියැවුණු පදවැලක් පසුගිය දිනෙක අපූර්වතම ගීතයක් බවට පත් වුනේ, තවත් දක්ෂ ඉංජිනේරුවෙකුගේ හඬ මුසුවකින්.

මේ ගීතය ලියැවුණේ පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ E/04 කණ්ඩායමේ ඉංජිනේරු. ලක්මාලි කරුණානායක විසින්. ගීතය ගායනා කලේ එම පීඨයේම E/14 කණ්ඩායමේ ඉංජිනේරු. උත්පල කෞශල්‍යය.


දෑස මානේ, මැවුණු හීනේ
නුඹම නේදෝ සොඳුරියේ.
හීන ගානේ, දුටුව රූපේ
හිමිකාරී ඔබයි, ඒ දකින හීනයේ.
ඔබ මැවූවා....... මගෙ ජීවිතේ.
සඳ වගේ කුමරියේ............


දෑස මානේ..........

සඳ සදිසි ඔය මුවේ මැවෙන
සිනහ මට අගේ..
නිල් නෙතින් කී කතා හරිම
සොඳුරු මිහිරියේ.........
ඔබ මැව්වා... මගෙ ජීවිතේ .....
සඳ වගේ කුමරියේ..........


සෙත් පිරිතක් වගේ නිවනවා
හිත මගේ.
සිහින කුමරී නුඹයි
මට මැවූ මේ ලොවේ........

සඳ වගේ කුමරියේ.....
මගෙ ලොව රැජිනියේ.....///

ගීතය රසවිඳින්න



ප්‍රේමයක සොඳුරු පැතුමන් සැබෑ වෙන ආදරණීය නිමේෂයක ප්‍රේමවන්තයෙකුගේ සිතේ ජනිත වන, අනන්ත වූ ප්‍රේමණීය හැඟුමන් මෙලෙස ගීතයකින් රසවිඳින්නට ඔබ සැමට ආරාධනා කර සිටිනවා.