කිරිපිටි බොනව නං දැනගෙන බොන්න

ඉංජිනේරු හසිත ජයවර්ධන විසිනි

ඇත්තටම කිරි පිටි කියන්නේ කිරි ද ? උත්තරයක් දීමට තරමක් අසීරුයි. නමුත් කිරි පිටි සහ නැවුම් එල කිරි කියන්නේ ඇත්තටම ප්‍රභේද දෙකක්..මේ කිරි පිටි නිශ්පාදනයේ අතීතය 1832 වැනි ඉතා ඈත අතීතයකට උරුමකම් කියනවා. ඉක්මනින් බැක්ටීරියා ක්‍රියාකාරීත්වයට ලක්වෙන කිරි කල් තබා ගැනීමේ ක්‍රමවේදයක් ලෙසටයි මේ කිරි පිටි ලෝකයට හදුන්වා දෙන්නේ. නමුත් එසේ කිරි පිටි වලින් සාදා ගන්නා කිරි සහ නැවුම් එලකිරි අතර පෝෂණ ගුණයෙහි සෑහෙන වෙනස්කම් පවතිනවා. කිරි පිටි වල නොයෙක් ප්‍රභේද තියනවා... අපේ රටේ බහුලව භාවිතා කරන්නේ සම්පුර්ණ යොදය සහිත කිරි පිටි (Full Cream Milk Powder) සහ මේද රහිත කිරි පිටි (Skim Milk Powder) කියන ප්‍රභේද දෙක..යම් ප්‍රභේදයක් සැලකූ විට එය නිශ්පාදන ක්‍රියාවලිය ලොව ඕනෑම තැනක එකම ආකාරයක් ගන්නවා. පොඩි වෙනස්කම් දකින්න පුලුවන්. ඒත් මූලධර්ම සියල්ල එක හා සමානයි.




Eng. Hasitha Tharinda Jayawardane
B.Sc Engineering(First Class Hons, University of Moratuwa), M.Sc( UoM, Reading), AMIESL, F(AKOFE)
Chemical Engineer-(Full Cream Milk Powder Operations) 2017-2018
Project Engineer For Sri Lanka-10 MT/day Full Cream Milk Powder/Skim Milk Powder Plant Design & Construction Project with SSP India Pvt.Ltd. 2017
Four Effect Falling Film Evaporator and Two Stage Drying Plant Installation and Commissioning Project.

Facebook Twitter LinkedIn Email