රටේ තිබුණු ඩොලර් වලට මොකද වුනේ?
ජනපති අගමැති ඇමති රදගුරු වරුන්ගේ බලශක්ති විනාශය

ආචාර්ය තිලක් සියඔලාපිටිය විසිනි

අප දන්නේ නැත. රටේ තිබුණු ඩොලර් වලට මොකද වුනේ කියා දන්න කෙනෙකුද නැත. රටේ ජාත්‍යන්තර ගනුදෙනුවලදී විශාල වශයෙන් වියදම් වන්නේ බලශක්තිය හරහායි. ඒ තෙල්, ගල් අගුරු හා ගෑස් ගෙන්වීමටයි.

සැලසුම් කළ විදුලි බලාගාරයක් හෝ නව තෙල් පිරිපහදුව කලට වේලාවට හදන්න ඉඩ නුදුන්නොත්, අවසාන ප්‍රතිපලය වන්නේ විදුලිය තෙල් වලින්ම ජනනය කිරීමයි. පිරිපහදුව නැති නිසා පෙට්රල් ඩීසල් වැඩි මිලට කෙළින්ම ආනයනය කිරීමයි.

ඇයි පුනර් ජනනීය බලාගාරවලින් නොවේද විදුලිට ගත්තේ. කොහෙත්ම නැහැ. එ්වායෙන් නිපදවන විදුලිය ලංකාවේ නම් මිල අධිකයි. ඒකකයක් රුපියල් 22 යි. පිටරට නම් ඉන් අඩක්. හේතුව ඔබම හිතාගන්න. ඔබේ බිල අරන් බලන්න ඔබ ඒකකයට ගෙවන්නේ කීයද කියා. රුපියල් 22 ක් ගෙවන කෙනෙක් වේ නම් ඉදිරිපත් වන්න.

අපේ තෙල් පිරිපහදුව- වසර 50ක් පැරණියි. ධාරිතාව මදි. 2001 සිට ඇමති අගමැති මිතුරෝ තෙල්පිරිපහදුවක් හදති. පොරොන්දු දෙති. මුල්ගල් තියති. නොපෙනී යති. අන්තිම මුල්ගල 2019 දී. අගමැති මිතුරෙක් කටාර් වලින් ආවා. හැදුන පිරිපහදුවක් නැත. පිරිපහදුව ධාරිතාව මදි නිසාම වසරකට අලාභය ඩොලර් මිලියන 300 කි. අවුරුදු 20ක් ම මිතුරන්ට පිරිපහදුව හදන්න කොන්ත්‍රත් දෙන්න දගලති. රටට පාඩුව 300 x 20 = ඩොලර් මිලියන 6000 යි.

ලංකාව බංගලාදේශයෙන් ළගදී ඉල්ලු ණය මුදල ඩොලර් මිලියන 200 යි.

ජනාධිපති මිතුරෙක් කොරියාවෙන් පැමිණ 2015 සිට 2019 දක්වාම ගෑස් පර් යන්තයක් හදන්න උත්සහ කළේය. ගල් අගුරු බලාගාරයක් අහෝසිකළ විට මිතුරාගේ යෝජනාව තල්ලු කරගන්න පහසුය. ඒකත් කළා, බලාගාරයේ නම සාම්පුර්. ඒත් හරි ගියේ නැත. මොකද අගමැති මිතුරෙකුත් එම ගෑස් පර්යන්තයම හදන්න වෙනම උත්සහ කළ නිසා. ජනපති අගමැති අවුරුදු 4 ක්ම ගෑස් පර්යන්ත හබයක. හැදුනු ගෑස් පර් යන්තයක් නැත. රට ණයවෙමින් තෙල්වලින් විදුලිය ජනනය කරයි. කියන්නේ පුණර් ජනනීය විදුලියන් දෙනවා කියාය. විදුලිබල පනතේ තියෙන්නේ තරගකාරි මිලට පද්ධතියට විදුලිය මිලදී ගත යුතුයි කියලායි.

දැන් අලුත් මැති ඇමතිවරු හා අලුත් මිතුරන් සිටිති. තරගකාරි මිලට ගෑස් ආනයන ප්‍රයත්නය නවතා මිතුරාට ඒයාගේ මිලටම දෙන්න කියා ගිය මාසේ කැබිනට් පත්‍ර දැමු කතාවම තමා මේක. තවත් ගල් අගුරු බලාගාරයක් අහෝසි කළොත් ඒකටත් පහසුයි. ඒකත් කළා කියමුකො. ඒකේ නම නොරොච්චෝල අංක 4. හොද වෙලාවට හලාවත රදගුරුත් මෙන්න විරුද්ධයි ලු. දැන් අහෝසි කිරීම හලාවත රදගුරු පිටින් යැවිය හැක. ඒ ගැන හොද ආදර් ශ1994-2004 ජනපතිගෙන්. අවසාන ප්‍රතිපලය තෙල්ම තමා.

මෙන්න දැන්, කොළඹ අගරදගුරුට ගෑස් බලාගාර එපාලු. හලාවත රදගුරුට ගල් අගුරු එපාලු. වතිකානුවේත් විදුලිය 45% ක් ගෑස්වලින්. 10% ක් ගල්අගුරුවලින්. වතිකානුවේ පාප්තුමාට හොදයි. අපට හොද නැත. බලාගාර හදන්න හිතන්නවත් එපාලු. ඒ කියන්නේ තෙල්වලින්ම ගන්න කියානේ. අනේ, තෙල් බලාගාරවලට නම් කිසිම ආගමික විරෝධ නැහැ. ඔය තියෙන්නෙ රට පුරාම, නිහඩ සේවයක් කරමින්, රුපියල් 30ට විදුලිය නිපදවමින්.

පල්ලි පන්සල්වලට විදුලියට අයකරන්නේ උපරිමව ඒකකය රුපියල් 9.40ට. රදගුරුලා කියන්නේ රුපියල් 30 ට නිපදවා 9.40 ට දෙන්න කියා වෙන්න ඇති.

1992 සිට අවුරුදු 30 ක් විවිධ ජනාධිපති, අගමැති, ඇමති, නිලධාරින් මෙන්ම ආගමික නායකයින් රටට කළ විනාශය බලන්න. මේ බලශක්තියෙන් පමණයි.

විනාශ කළ බලාගාරය

ඉන්ධනය

ඉදිකිරිම ඇරඹීමට නියමිතවු වසර

විනාශය කළේ

විනාශයට උදව් කළේ

අවසානයේ ඉදිකළේ

ඉදිකළ වසර හෝ ප්‍රමාදය ඇතුලුව

ආර් ථිකට අලාභය (ඩොලර් මිලියන)

ත්‍රිකුණාමළය

ගල් අගුරු

1987

ජනාධිපති

සි/ස පරිසර පදනම

නැත. මාවැල්ලට යන ලෙස ජනපති නියෝගකරයි

1996

687

මාවැල්ල

ගල් අගුරු

1992

ජනාධිපති

මහාචාර් ය අලවත්තාගොඩ පේමදාස

නැත. නොරොච්චෝලට  යන ලෙස ජනපති නියෝග කරයි.

2000

268

ත්‍රිකුණාමළය

ගල් අගුරු

කවදාවත් කිසිම විදුලිබලාගාරයත් ඉදි නොකළ සමාගමකට අභිප්‍රාය ලිපියක් දෙයි.

භාණ්ඩාගාරයේ ලේකම් 1994

යටිතල පහසුකම් සංවර්ධන ලේකම් කාර් යාලය (SIDI)

නැත. සමාගම රජයෙන් වන්දි ඉල්ලා නඩු පවරයි.

2000

රජය වන්දි නඩුව ජයගනී.

නොරොච්චෝල අංක 1,2,3

ගල් අගුරු

1994

ජනාධිපති 1994-2004; අගමැති
2001-2004

හලාවත කතෝලික රදගුරු, රාජ්‍ය නොවන සංවිධාන

ඔව්, 2007-2014

2011

5,133

ඉහළ කොත්මලේ

ජල විදුලිය

1998

අගමැති 2001-2004

ජාතික කම්කරැ කොංග්‍රසය, රාජ්‍ය නොවන සංවිධාන

ඔව්, 2007-2012

2012

235

සාම්පූර්

ගල් අගුරු

2015

ජනාධිපති 2015; අගමැති 2015

ලේකම් බලශක්ති අමාත්‍යංශය; රාජ්‍ය නොවන සංවිධාන

නැත

2021

1,425

කෙරවලපිටිය අංක 2

ද්‍රවකළ ස්වභාවික වායුව

2017

ලේකම් බලශක්ති අමාත්‍යංශය

වාණිජ උන්නදුවක් ඇති පිරිස්

දැන් ඉදිවෙමින් පවති

2021

307

ද්‍රවකළ ස්වභාවික වායු පර් යන්තය

ද්‍රවකළ ස්වභාවික වායුව

2017

ජනාධිපති 2017; අගමැති 2017

වාණිජ තැරැව්කරුවන්

නැත

2022

713

නොරොච්චෝල අංක 4

ගල් අගුරු

2021

ජනාධිපති 2021

හලාවත කතෝලික රදගුරු

වැඩ නැවතී ඇත

2026

713

කෙරවලපිටිය අංක 2

ද්‍රවකළ ස්වභාවික වායුව

2022

කොළඔ කතෝලික අගරදගුරු

රාජ්‍ය නොවන සංවිධාන

ප්‍රමාදයි

2025

166

ද්‍රවකළ ස්වභාවික වායු පර් යන්තය

ද්‍රවකළ ස්වභාවික වායුව

2021

මුදල් අමාත්‍යංශය

ඇමරිකානු තානාපතිනිය

ප්‍රමාදයි, ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරයි.

2028

1,288

නව තෙල් පිරිපහදුව

ඛණිජ තෙල්

2001

ජනාධිපතිවරු, අගමැතිවරු, ඇමතිවරු 2001-2021

වාණිජ තැරැව්කරුවන්

අවුරුදු 20 ක් ප්‍රමාදයි

2025

6,000

ජාතික ආර් ථිකයට සිදුකළ අලාභය (ඩොලර් මිලියන)

16,935


ඔව් ඩොලර් මිලියන 16,935 ක් මේ අය විනාශ කරවා තිබෙනවා. මේ මුදල් ණයට අරගෙන, තෙල්වලින් වලින් විදුලිය නිපදවා, පරිහෝජනය කරලා ඉවරයි. එ් තෙල් ගත්තෙත් වැඩි ගානට. ණය ගෙවීම පමණයි දැන් ඉතිරිව ඇත්තේ.

මෙහෙම කළ අය, තවදුරටත් බලාගාර අහෝසිකරමින් (ගිය සතියේ පවා බලාගාරයක් අහෝසි කරන්නැයි නියෝග කළා, හලාවත රදගුරු අත්පුඩි ගසනවා ඇහුණා) රටට කරන විපත බලන්න.

බංගලාදේශයෙන් ළගදී ඉල්ලු ණය මුදල ඩොලර් මිලියන 200 යි. බලාගාර රට වටා පැදකුණු කරවමින් කාබාසිනියා කළ මුදල ඩොලර් මිලියන 16,935 යි. රටේ ඩොලර් නැති එක අහන්නත් දෙයක් ද?

Download article as pdf


 

Dr. Tilak Siyambalapitiya
an accredited energy auditor, who is the Managing Director of Resource Management Associates (PVT) Limited

 

 

Facebook Twitter LinkedIn Email Print