දේශගුණ විපර්යාසයේ බලපෑමෙන් දේශීය ලුණු නිෂ්පාදනය රැකගැනීමට නම්..

ආචාර්ය මහිංසාස රත්නායක විසිනි

දේශගුණීය වෙනස්වීම් (Climate Change) හේතුවෙන් ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ලුණු නිෂ්පාදනය (Slat Production) දැඩි අභියෝගයකට මුහුණ දෙමින් සිටී. වර්ෂාපතන රටා වල අනියම්භාවය සහ ස්වභාවික වාෂ්පීකරණ ක්‍රියාවලියට බාධා ඇති වීම නිසා, විශේෂයෙන් වර්ෂා කාලය දිගුවීම හා වායුගෝලීය ආර්ද්‍රතාවය ඉහළ යාම මුහුදු ජලය වාෂ්පීකරණයට (Seawater Evaporation) බාධා කරයි. මෙය ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ලුණු නිෂ්පාදන ක්‍රියාවලියට බාධා පමුණුවන ප්‍රධාන සාධකයක් වී ඇත.

ඒ අනුව දේශීය ලුණු නිෂ්පාදනය පහත වැටී, ආනයනික ලුණු පරිභෝජනය ඉහළ යාමත් සමඟ රජයට ආර්ථිකමය සහ සැපයුම්මය පීඩනයක් ඇතිවී ඇත.

1. අසමතුලිත හා වැඩි වර්ෂාපතනය

ශ්‍රී ලංකාවේ ලුණු නිෂ්පාදනය සම්පුර්ණයෙන්ම සූර්ය විභාජනය (solar evaporation) මත පදනම් වේ. නියමිත වියලි කාලවලදීත් දැඩි වැසි ඇතිවීම නිසා ලුණු වියලීම කෙරෙහි බරපතළ බලපෑමක් සිදුවේ. හම්බන්තොට හා පුත්තලම වැනි ප්‍රධාන නිෂ්පාදන කලාපවල ලුණු නිෂ්පාදනය පසුගිය වසරවලදී 60%කින් පමණ පහල යාම වාර්තා වී ඇත.

උදාහරණයක් ලෙස, ජූලි–අගෝස්තු කාලය තුළ වර්ෂාපතනය වැඩිවීම, හම්බන්තොට හා පුත්තලම ලුණු ලේවායන් වල (Salterns) ලුණු නිෂ්පාදනය අඩුවන ප්‍රවණතාවයක් දැන් දැන් සෑම වසරකදීම නිරීක්ෂණය කළ හැකිය.

2. මුහුදු ජල මට්ටමේ ඉහළ යාම හා ලවණතාවයේ වෙනස්වීම

මුහුදු ජලය තුළට ගලායාමේ හේතුවෙන් ලුණු ලේවායන් (Salterns) වටා ස්වභාවිකව සැකසූ කණ්ඩි, තාප්ප හා පද්ධති බිඳ වැටෙයි. ලවණ ජලය (Brine) වල ගුණාත්මකභාවය හා සාන්ද්‍රණයට මෙය බරපතළ බලපෑම් කරයි.

3. අතිධීවෘත උෂ්ණත්වය (Excessive Temperature)

වියලීම සදහා උෂ්ණත්වය අවශ්‍ය වුවද, අධික තාපය ලුණු පිළිස්සීම,(Brine Loss) වැනි තත්වයන්ට හේතු වේ.

4. සැපයුම් දාමය (Supply Chain) බිඳවැටීම

පසුගිය වසරවලදී ඉතිරි ලුණු ගබඩාවන් නැතහොත් ආරක්ෂිත තොගය (buffer stock) නිසි පරිදි කළමනාකරණය නොකිරීම වැදගත් සාධකයකි

ආරක්ෂිත තොගය (Buffer Stocks) පිළිබඳ ගැටලුව

පසුගිය අවුරුදු කිහිපයේදී මූලික හේතු නිවැරදිව හඳුනාගැනීම අසමත් වීම, සහ පසුගිය වසරවලින් සකස් කර තිබූ ආරක්ෂිත තොගය (Buffer Stock) සැලසුම් රහිතවම පාවිච්චි කිරීම, මෙවැනි හේතු නිසා, රටට අවශ්‍ය ලුණු ප්‍රමාණය ලබාදිය නොහැකි විය. ඒ නිසාම, සැපයුම් දාමය (Supply Chain) තාවකාලිකව බිඳ වැටී, වෙළඳපොළේ ලුණු හිඟයක් ඇති විය.

✅ ලුණු හිඟය නැවත ඇතිවීම වළක්වා ගැනීමට කළ යුතු දේ

1. නිෂ්පාදන පද්ධති නවීනකරණය:

වඩා ක්ෂණික වියලීම සහ වසර පුරාම නිෂ්පාදනය (Production throughout the year) කළ හැකි යාන්ත්‍රික ක්‍රම හඳුන්වාදිය යුතුය. PVC ආවරණ සහිත pans (in greenhouses) භාවිතයෙන් වැසි වල බලපෑම අඩු කළ හැක.

2. දේශගුණයට ප්‍රතිරෝධී සැලසුම්:

නවීන කාලගුණ දත්ත භාවිතයෙන් නිෂ්පාදන කාලසටහන් සැලසුම් කිරීම. අනතුරු ඇඟවීම් පද්ධති සහ ජල කළමනාකරණ ක්‍රම ක්‍රියාත්මක කිරීම.

3. ගබඩා පහසුකම් වර්ධනය:

වර්ෂා හා උෂ්ණත්වය ආරක්ෂා කළ හැකි (Climate Controlled Storages) ගබඩා සකස් කිරීම. ජාතික මට්ටමේ ලුණු ආරක්ෂිත තොගයක් (Buffer Stock එකක්) නිවැරදිව කළමනාකරණය කිරීම.

4. ප්‍රාදේශීය ලුණු ලේවා (Regional Salterns) සංවර්ධනය:

උතුරු, නැගෙනහිර පළාත්වල පුළුල් පරිමාණ ලුණු ලේවා ව්‍යාපෘති ආරම්භ කිරීම. පුද්ගලික අංශ ආයෝජන සඳහා ආධාරක ප්‍රතිපත්ති හඳුන්වාදීම. දේශගුණික විපර්යාස වලින් දැඩි බලපෑම් ඇති නොවුනු ලුණු නිෂ්පාදන විභවය සහිත කලාපයක් ලෙස ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර කලාප හඳුනා ගත හැකිය.

5. ප්‍රතිපත්ති සහ පර්යේෂණ සහයෝගය:

දේශගුණීය බලපෑම්වලට ඔරොත්තු දිය හැකි නවීන ලුණු නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ පර්යේෂණ (Research and Development).

ජාතික ආපදා කළමනාකරණය හා උපයෝගිතා සැලසුම් (Strategic Policy making) වලට ලුණු කර්මාන්තය එක් කිරීම.

හරිතාගාර ආවරණ (Greenhouse Covers): වර්ෂා කාලීනව Salt නිෂ්පාදනය වැඩිදියුණු කිරීමේ නවීන තාක්ෂණයෙහි ප්‍රබල විසඳුමක්

හරිතාගාර ආවරණ (Greenhouse Covers) යනුවෙන් හැඳින්වෙන්නේ වර්ෂා කාලය සහ අධික ආර්ද්‍රතාව පවතින ප්‍රදේශවලදී ලවණ නිෂ්පාදන කාලය දිගු කරමින්, ගුණාත්මක salt ලබාදීම සඳහා භාවිතා කරන නවීන තාක්ෂණික ක්‍රමයකි. පරිසර තත්වවලට උචිතව Salt Ponds සහ Crystallization ක්‍රියාවලිය ප්‍රශස්ථකරණය (Optimization) කිරීම මෙහි මූලික අරමුණ වේ.

Greenhouse ආවරණය තුළින් ලැබෙන ප්‍රධාන වාසි:

• වාෂ්පීකරණය වේගවත් කිරීම:
Greenhouse ආවරණය යටතේ ඇතිවෙන උෂ්ණත්ව වර්ධනය seawater වාෂ්පීකරණය තීව්‍ර කරනු ලබයි. මෙය crystallization ponds තුළ ලුණු මිදීම වේගවත් කරයි.

• මෝසම්වර්ෂා වලදී ආරක්ෂාව සැලැස්වීම:
සාම්ප්‍රදායික ලුණු ලේවා (Salterns) ක්‍රමවලට වඩා, Greenhouse Systems වර්ෂා ජලය ආරක්ෂා කරමින් සාම්ප්‍රදායික කන්න ක්‍රමයක් නොමැතිව ලුණු නිෂ්පාදනය පවත්වාගෙන යාමට හැකියාව ලබා දේ.

• ලුණුවල ගුණාත්මකභාවය වැඩි වීම:
ප්‍රිස්මාකාර හරිතාගාර (Prism-shaped Greenhouses) වැනි ක්‍රමවලදී ලුණු වල NaCl අන්තර්ගතය සාමාන්‍යයෙන් 85% සිට 95% දක්වා වැඩි කළ හැකි බව පර්යේෂණ වලින් සහතික කර ඇත.

• අස්වැන්න නෙලන කාලය කෙටි කිරීම:
වාෂ්පීකරණය වේගවත් වීම නිසා, අස්වැන්න නෙලන කාලය (Harvesting Period) සාම්ප්‍රදායික ක්‍රමවලට වඩා ආසන්න වශයෙන් 30–40% කින් කෙටි කර ගත හැකිය.

• පාරිසරික බලපෑම් අඩු කිරීම:
Rainwater intrusion, Brine seepage, Soil erosion වැනි ගැටළු Greenhouse Covers මඟින් ප්‍රමාණවත් ලෙස පාලනය කළ හැක.



රූප සටහන: හරිතාගාර තුල ලුණු නිෂ්පාදනය කිරීමේ තාක්ෂණය (Source: Kurniawan, Andi, et al. "Continuously dynamic mixing (CDM) Method and greenhouse salt tunnel (GST) technology for sea salt production throughout the year." Jurnal Ilmiah Perikanan dan Kelautan 11.2 (2019): 82.)

Prism Greenhouse Method: තාක්ෂණික උපක්‍රම තුනක සංයෝජනයක්

මෙම ක්‍රමය තුළ භාවිතා වන තාක්ෂණික ක්‍රම තුනම Salt purity, Productivity, හා Harvesting efficiency ඉතා හොඳින් වැඩි කරන බව කලාපීය අනෙකුත් රටවල් වල කරන ලද පර්යේෂණ පදනම්ව හඳුන්වා දිය හැකිය. ඉන්දුනීසියාව, පිලිපීනය වැනි රටවල් වල දැනටමත් මෙම උපක්‍රම භාවිතා කර එම රටවල් තුල ලුණු නිෂ්පාදනය ඉහළ නංවා ගෙන ඇත.

1. Geomembrane-lined Ponds (ජල නිරෝධිත තටාක)

කාර්යය: Geomembrane මගින් භූමිය leakage වලින් ආරක්ෂා කිරීම වාසි:

- Brine leaks අවම කිරීම
- Crystal purity සහ harvesting efficiency (~20–30% පමණ) වැඩි කිරීම

2. Threaded Brine Filters (තන්තු පෙරහන් පද්ධතිය)

කාර්යය: Impurities (mud, algae, organic matter) පෙරීම වාසි:

- NaCl crystallization uniform කිරීම
- Salt whiteness සහ crystal size වැඩි කිරීම
- Bittern contamination අවම කිරීම
- NaCl purity 95%–99% දක්වා වැඩි කිරීම

3. Transparent Prism-shaped Greenhouse Covers කාර්යය: උෂ්ණත්වය වර්ධනය සහ වර්ෂා ජලය වැළැක්වීම වාසි:

- Continuous production
- Harvesting time ~40% කින් කෙටි කිරීම
- NaCl content 85% → 95% දක්වා වැඩි කිරීම


Download article as pdf


 


ආචාර්ය මහිංසාස රත්නායක

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රසායනික හා ක්‍රියාවලි ඉංජිනේරු දෙපාර්තමේන්තුව මොරටුව විශ්වවිද්‍යාලය
The writer is a Senior Lecturer and Researcher in Sustainable Process Technologies having over 15 years of experience, in both academia and process industry. Contact Email: mratnayake@uom.lk




Facebook Twitter LinkedIn Email