Articles banner
සිංහලෙන් Sustainability - පළමු කොටස : නදීර විජේසිංහ
 
සිංහලෙන් Sustainability
 

Sustainability කියන එක සිංහලෙන් කතා කරනවා කියන්නේ ටිකක් අලුත් වැඩක් වගේම ටිකක් අමාරු වැඩක්! මේ විෂය සම්බන්ධයෙන් ඇති සිංහල පාරිභාෂික ශබ්ද මාලාවේ ඇති සීමාසහිත බව වගේම තවත් කරුනුත් මීට බලපානවා! නමුත් මේ උත්සාහ කරන්නේ එම අඩුව ඌනපූර්නනය කිරීමට වෑයමක් ! එම උත්සාහයේ සාර්ථකත්වය නිර්ණය කිරීම මෙන්ම ඔබලාගේ නොමසුරු අදහස්/යෝජනා/චෝදනා කොමෙන්ටු විදියට බලාපොරොත්තු වෙමි.

 

Sustainability වචනේ


Sustainability කියන එකට සිංහලෙන් කියන නිවැරදි නම - ධරණීයතාව! මේකට සිංහල විකිපීඩියා පිටුවකුත් තියෙනවා - ධරණීයතාව  . හැබැයි මේ පිටුවත් තියෙන්නේ අංකුර ලිපියක් විදියට -තවත් විදියකින් කිව්වොත් මේකේ වැඩි විස්තරයක් නැහැ. කොටින්ම කිව්වොත් මාතෘකාවයි උප මාතෘකා ටිකකුයි විතරයි තියෙන්නේ!

 

තිරසාරත්වය හෝ තිරසාර සංවර්ධනය යන වචනත් සිංහලෙන් Sustainability කතා කරද්දී පාවිච්චි වෙනවා. ඔය සිංහල වචන වල නොගැලපීම් කියන්ඩ තරම් මම සිංහල භාෂා ප්‍රවීනයෙක් නොවෙන හින්ද මෙතනින් එහාට කණට පුරුදු (මිහිරි) Sustainability කියන වචනෙම පාවිච්චි කරනු ලැබේ!

 

Sustainability කියන වචනේ හැදිලා තියෙන්නේ "sustinere" කියන ලතින් වචනය අනුසාරයෙන්. මෙහි තේරුම වන්නේ පවත්වාගෙන යෑම,

අපි Sustainability කියල හිතන් ඉන්න දේ


Sustainability කියල කියපු ගමන් අපේ ඔලුවට එන්නේ පරිසර සංරක්ෂණය. ඒක හින්දද කොහෙද බහුතරයක් හිතන් ඉන්නේ සුද්දා හදන කාර්යක්ෂමතාවෙන් වැඩි, පරිසර හිතකාමී කියලා සුද්දා කියන (data sheet එකේ ලියල තියෙන) යන්ත්‍ර සහ සූත්‍ර ගෙනල්ල අපේ රටේ හයි කරගන්න එක තමා අපිට sustainable වෙන්ඩ  තියෙන ක්‍රමේ කියල !

 

සුද්දා තමුන්ගේ රටේ කරපු පර්යේෂණ ටික කියවලා ඒවා ගෙඩි පිටින්ම ලංකාවට ආදේශ කිරීමත් මීට ඇතුලත්. ඒවා ටික අන්තර්ජාලෙන් කියවගෙන ඇවිත් කෙස් පැලෙන තර්ක දානවා. වෙනත් රටක දැනුමක් ලබාගන්න එක හොඳ දෙයක්... ඒවා අපේ රටට ගැලපෙන්නේ කොහොමද කියල හිතන්නේ නැති එකයි ප්‍රශ්නේ!

 

අනික් කණගාටුවටම කරුණ තමා අපි සුද්දගේ දේවල් කියව කියව හිටියට ... සුද්දගේ අලුත්ම නිෂ්පාදන ගෙනල්ල අපේ රටේ හයි කරගත්තට අපි අපේම කියල පර්යේෂණ මේ සම්බන්ධයෙන් කරන්නේ හරිම අඩුවෙන් - නොගිනියහැකි තරම් අඩුවෙන්.

 

හැබැයි ඉතින් බැදපු කොස් ඇට ගෑරුප්පුවෙන් කනවා වගේ මේකම කර කර ඉන්න එක අපේ සාමාන්‍ය අය වගේම සමහර විශාරදයිනුත්.

 

ඇත්තටම Sustainability කියන්නේ?


මේක ඇත්තටම ඉතාමත් පුළුල් විෂයක් සහ විවිධ ආකාරයේ අර්ථකථන තියෙනවා. අපි ගොඩක් දෙනෙක් බොහෝ වෙලාවට Sustainability කිව්වහම පරිසර සංරක්ෂණය හිතෙන මවගත්තට ඒක මේ විෂයේ එක කොටසක් විතරයි.

 


එතකොට අනික් කොටස් මොනවද?


Sustainability  කියන එක ප්‍රධාන වශයෙන් කොටස් 3 කට බෙදෙනවා.

 

1. Environmental  Sustainability  - පරිසරය හා ආශ්‍රිත
2. Social Sustainability - සමාජය සහ මානව කරුණු ආශ්‍රිතව
3. Economic Sustainability  - ආර්ථිකය ආශ්‍රිතව

 

මේක කොටස් තුනකට බෙදෙනවා කිව්වට මේ එකට එකක් වෙන් කරන්ඩ බැහැ . පහත දැක්වෙන රූප සටහන් වලින් වැඩි දුරටත් පැහැදිලි වෙයි.

 

 
Sustainability
 
Sustainability
 

ඉතින් ඉහත රූපසටහන් වලින් පෙනෙන ආකාරයට Sustainability වල කොටස් 3 එකිනෙකට වෙන් කල නොහැකි සහ එක් අංශයක දෙයක් අනෙක් අංශ වලට බලපෑම් කරන අතර මේවා අතර සම්බන්ධය තරමක් සංකීර්ණ තලයක ඇති අතර මිනිසුන් තවමත් මේ සම්බන්ධයෙන් අධ්‍යයන කරන අතර මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා ගනිමින් පවතිනවා.

 

Sustainability කියලා එකක් තියෙන්නේ ඇයි ?

 


මේ සංකල්පය හැදෙන්ඩ හේතු වුන (ඇත්තටම මේකේ උදාර අරමුණ කියවෙන) පුරාණ රතු ඉන්දියානු අප්තොදේශයක් තියෙනවා

 

 

මේකෙන් කියන්නේ අපි මේ පෘතුවිය අපට අපේ මුතුන් මිත්තන්ගෙන් ලැබුණු දෙයක් නොව අප අපගේ අනාගත පරපුරෙන් ණයට ඉල්ලාගත් දෙයක් බවයි. ඉතින් ණයට ලබාගත් දේ අපි ආපහු ලබාදිය යුතු බැවින් මේක පරෙස්සම් කරලා (සංරක්ෂණය කරලා - අපත් භාවිතා කරන ගමන් අනාගත පරපුරටත් ඉතුරු කිරීම) ආපහු ණය ගෙවීම සඳහා ලබාදිය යුතුය කියන අදහසින්.

 

 

සරලවම කිව්වොත් මෙහෙම සංකල්පයක් මිනිස්සු හදාගෙන ඉන්නේ අපිට (මනුෂ්‍යයන්ට) මේ පෘතුවියේ පවතින්න පුළුවන් කාලය වැඩි කරගැනීමට. අප අනෙකුත් ගස් වැල් , සතුන් සහ පරිසරය රැක ගන්නේ ඇත්තටම බැලුවොත් මේ ආත්මාර්ථකාමී චේතනාවෙන් මිසක් පරාර්ථකාමී චේතනවකින්ම නෙවෙයි. මේකෙන් මම අදහස් කරන්නේ නැහැ මේක වැරදි දෙයක් කියල. මේක ඇත්තටම හොඳ දෙයක් හොඳ සංකල්පයක් - නමුත් ඉතින් අපි නිවැරදිව තේරුම් ගැනීම වැදගත්!

 

එක කාලෙක Sustainable වෙන දේ තව කාලෙකදී Sustainable නැති වෙනවා


මම ඉස්සෙල්ලත් කිව්වා නේ මේ විෂය/විද්‍යාව සම්බන්ධයෙන් අපි කරුණු හොයාගනිමින් ඉන්නේ කියල. ඉතින් අපි කලෙකදී හොඳයි පරිසර හිතකාමීයි කියල හිතන් ඉන්න දේ තව කලෙකදී එහෙම නොවෙන පරිසර දූෂක විනාශකාරී දෙයක් විදියට හොයා ගන්නවා.

 

මේකට හොඳම උදාහරණෙ තමයි ක්ලොරෝෆ්ලොරෝ කාබන් (CFC) - මේක හොයාගත්ත මුල කාලේ මිනිස්සු හිතුවේ මේ උදාසීන වායු (inert gas ) කිසිම දෙයක් සමග ප්‍රතික්‍රියා නොකරන මිනිස්සුන්ටත්, සතුන්ටත්, පරිසරයටත් කිසිදු හානියක් නොමැති ඇති තරම් භාවිතා කරන්ඩ පුළුවන් දෙයක් විදියට. නමුත් පසු කලෙක හොයා ගත්ත අපේ පෘතුවියට ඉහලින් ඇති ස්වභාවික ආරක්ෂක ආවරණය වන ඕසෝන් තලය විනාශ වීමට ප්‍රධාන කාරණය මේක කියල.

 

මේ ලිපි මාලාවේ පළමු කොටස අවසානයේ -  Sustainability ගැන අලුත් විදියට හිතන සම්ප්‍රදායික සිතීම අභියෝගයට ලක්කරන ලස්සන විද්යාඥවරියකගේ කතාවක් ඔබගේ රස වින්දනයට (මේක නම් තියෙන්නේ ඉංග්‍රීසියෙන්)  එකතු කරලා නවතින්නම්! ඇය මේ විෂය සම්බන්ධයෙන් දක්වන අදහස් ඉතාමත් සිත් ගන්නා සුළුයි වගේම දැනුමෙන් පොහොසත්!

 

 

 

නදීර විජේසිංහ
nadeerawije@gmail.com

 
articles submit
 
IESL-Council-Members-2016-17
 
"All Council Members can be contacted via email or phone by first login as a member to MyIESL and then acceding the Council Directory. It is also possible to communicate your concerns from anywhere in the world by posting them to the Forum - Meet The President and Council from the Forum page"
 
slen
Digital SLEN Issue 32
Digital SLEN Issue 31
Digital SLEN Issue 30
Digital SLEN All Issue
Follow us on
 
Facebook Twitter Youtube IESL Slideshare