රාජ්‍ය අරමුදල් ආයෝජනය නොකර ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර තුල රථවාහන තදබදය විසඳන්නේ කෙසේද?

By වරලත් ඉංජිනේරු ගයානාත් රත්නායක

යමෙකුට සැබවින්ම අවශ්‍ය නම්, මේ සඳහා විසඳුම් තිබේ ... පහත යෝජනා හතර බලමු.! මේ යෝජනා සඳහා ආයෝජනය කිරීමට රජයට විශාල මුදලක් අවශ්‍ය නොවේ; එයට අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පමණි. ව්‍යාපාරිකයින් ආයෝජනය කරන අතර මෝටර් රථ භාවිතා කරන්නන් සහ මගීන් ගෙවනු ඇත.

සටහන: ලංකාවේ නියාමන ක්‍රමවේද ඉතාම දුර්වල බැවින් කුමන විසදුම ගෙන ආවද ඒවා ඉතාම පහසුවෙන් නියාමනය කල හැකි විය යුතු වන අතරම විසඳුම තුල නියාමන ක්‍රමවේදයද ඇතුලත් විය යුතුය. එසේ නොමැති වුව හොත් අල්ලස් හෝ ලිස්සා යාමේ ක්‍රම සොයාගැනීම මගින් විසදුම් වල ඵලදායිතාව නැතිවී යනු ඇත.

  1. සියලුම පොදු ප්‍රවාහන වාහනවලට GPS tag සවි කර මාර්ග බලපත්‍රය සඳහා එය අනිවාර්ය කරන්න. එය ඕනෑම පොලිස් නිලධාරියෙකුට හෝ මහජනයාට තම ස්මාර්ට් ජංගම දුරකතනයෙන් බැලිය හැකි විද්‍යුත් බලපත්‍රයක් වන අතර සේවා කඩයිම් ලකුණු අනුව සතිපතා අලුත් වේ.
    1. Mobile App හරහා GPS tracking තොරතුරු වෙත ප්‍රවේශ වීමට මගීන්ට ඉඩ දෙන්න. එවිට යම් මිනිත්තු ගණන කින් බස් රථයක් පැමිණෙන බව දන්නා බැවින් පොදු ප්‍රවාහනය භාවිතා කිරීමට මෙය ජනතාව දිරිමත් කරනු ඇත. (දුම්රියටද GPS tracking ලබාදිය යුතුය)
    2. බලධාරීන් විසින් නියමිත වේලාවට පිටත්වීම හා පැමිණීම, වේගය, මග නවත්වා ගෙන සිටින කාලය, මාර්ග තදබද තත්වය අනුව සත්‍ය ලෙසම සිදුවන ප්‍රමාදයන්, ආදිය අධීක්ෂණය කළ යුතුය. ඒවා මත පදනම්ව සේවා ගුණාත්මකභාවය සඳහා සූත්‍රයක් (formula based on algorithem) සකස් කර සතිපතා පරිඝනක පද්ධතිය මගින් ස්වයංක්‍රීයව කඩයිම් ලකුණු ලබා දිය යුතුය. අදාළ සතිය සඳහා නිශ්චිත කඩඉම් ලකුණු ලබා ගැනීමට ඔවුන් අපොහොසත් වුවහොත්, මාර්ග මාර්ග බලපත්‍රය ඊළඟ සතිය සඳහා ස්වයංක්‍රීයව අවලංගු වේ. නැවත සක්‍රිය කිරීම සඳහා රුපියල් 100,000 ක් අයකළ යුතුය. (එවිට කිසිවෙකුට අල්ලස් මත බස් රියදුරන් නිදහස් කල නොහැක).
    3. GPS tracking වාර්තා නොමැති නම්, මාර්ග අවසර පත්‍රය සතියක් ඇතුළත ස්වයංක්‍රීයව අවලංගු වේ. නැවත සක්‍රිය කිරීම සඳහා රුපියල් 100,000 ක් අයකළ යුතුය.
    4. බලපත්‍රයක් නොමැතිව ධාවනය කරන පොදු ප්‍රවාහන වාහනයක් app එක මගින් ඕනෑම මොහොතක ඕනෑම කෙනෙකුට බලාගත හැකි වන අතර app එක මගින් ම වාර්තා කල හැක (එවිට GPS traking ගලවා වෙනම ගෙනයාම කල නොහැක). බලපත්‍රයක් නොමැතිව ඕනෑම පොදු ප්‍රවාහන වාහනයක් ධාවනය කිරීම බරපතල වරදක් වන අතර දඩ මුදල රුපියල් 500,000 කි.
  2. 2021 ජනවාරි 1 සිට සාමාන්‍ය බස් ආනයනය කිරීම නවත්වන්න.
    1. 2015 ට පෙර ආනයනය කරන ලද සියලුම පෞද්ගලික බස් රථ 2025 වන විට සුඛෝපභෝගී බස් රථ වෙත මාරු කිරීම අනිවාර්ය කරන්න.
    2. 2015-2020 දී ආනයනය කළ ඒවා අවුරුදු 10 කින් පසු මාරු කිරීම අනිවාර්ය කරන්න.
    3. එවිට අපට 2031 වන විට 100% සුඛෝපභෝගී බස් රථ සමූහයක් ලැබෙනු ඇත. අවම වශයෙන් අවුරුදු 10 ක් වත් දැනට තිබෙන බස් රථ භාවිතා කළ හැකි බැවින් බස් හිමියන්ට කිසිදු හානියක් නොමැත. සාමාන්‍යයෙන් ඔවුන් බස් රථයක ආයෝජනය වසර 4-5 කින් නැවත උපයා ගනී.
    4. අඩු අදායම් ලාභීන් දැනටමත් ප්‍රවාහන වියදම් ලෙස ත්‍රීරෝද රථ සඳහා විශාල මුදලක් වියදම් කරන බැවින් සුකොපභෝගී බස්රථ සඳහා දෙගුණයක් ගෙවීම ප්‍රශ්නයක් නොවෙනු ඇත.
    5. 2030 දක්වා සුඛෝපභෝගී බස් ආනයන සඳහා ණය පොලිය සහ ආනයන බදු 0% කරන්න (ආදේශන බස් රථ සඳහා).
  3. 2021 ජනවාරි 1 වනදා සිට ත්‍රිරෝද රථ ආනයනය කිරීම නවත්වන්න.
    1. 2030 සිට සියලුම ත්‍රිරෝද රථ ධාවනයෙන් ඉවත් කල යුතුයි. (මෙය ඉතා සංවේදී අවස්ථාවක් වනු ඇත, මන්ද ත්‍රිරෝද රථ හිමියන්ගෙන් බහුතරයක් අඩු ආදායම්ලාභීන් වන අතර ඔවුන්ට විකල්ප රැකියා අවශ්‍ය වේ. එබැවින් අපට මෙම සන්ධිස්ථානය 2030 දක්වා ගෙන යාමට සිදුවේ. නව රැකියා සඳහා හැඩගැසීමට වසර 10 ක් ප්‍රමාණවත්ය).
    2. මෙම තීරණය, භාවිතා කළ ත්‍රිරෝද රථ මිලදී ගැනීම අධෛර්යමත් කරන බැවින් නැවත විකිණීමේ වටිනාකම ක්‍රමයෙන් අඩු වේ.
    3. ත්‍රී රෝද රථ නිසා ශ්‍රම බලකායේ අඩුවීම වෙනුවෙන් මෙම තීරණය හොඳ විසඳුමක් ලබා දෙනු ඇත.
    4. සුඛෝපභෝගී බස් රථ වැඩි කිරීමෙන් ත්‍රිරෝද රථ අවශ්‍යතාවය අඩු වේ.
    5. ටැක්සි අවශ්‍යතාව සහ ගමනාගමනයේ අවසන් කොටසේ සම්බන්දතාවය (බස් නැවතුමේ සිට අවසන් කෙලවරට) කාර් ටැක්සි සේවා මගින් ක්‍රමයෙන් ග්‍රහණය කරගත යුතුය.
  4. 2022 ජනවාරි 1 සිට කාර්යාල වේලාවන්හිදී භාවිතා කරන පුද්ගලික වාහන සඳහා විශාල බද්දක් අය කළ යුතුය. (සතියේ දිනවල උදේ 7:00 සිට සවස 6:00 දක්වා භාවිතා කිරීමට අවශ්‍ය නම් මසකට රුපියල් 50,000 හෝ 75,000 දක්වා ගෙවා බලපත්‍රයක් ලබාගත යුතු අතර බලපත්‍රය සමඟ GPS tag එක අනිවාර්ය වේ). මෙහි අරමුණ පොදු ප්‍රවාහනය භාවිත කිරීමට ජනතාව හුරු කිරීම වන අතර වසර කිහිපයකින් පසු බලපත්‍ර ගාස්තුව අඩුකළ හැකිය.
    1. බලපත්‍ර නොගෙන පෞද්ගලික වාහනයක් භාවිතයෙන් වැඩට යන්නේ නම්, ඔවුන්ට වේලාසනින් පැමිණ ප්‍රමාද වී කාර්යාලයෙන් ඉවත්ව යාමට හෝ පොදු ප්‍රවාහනය භාවිතා කිරීමට සිදුවේ (එවිට පොදු ප්‍රවාහනයට අකමැති නම් වැඩි වෙලාවක් වැඩ කිරීම දිරිමත් වේ)
    2. අවසරයකින් තොරව ධාවනය වන වාහන අල්ලා ගැනීම සඳහා පොලිස් නිලධාරීන්ගේ ස්මාර්ට්ෆෝන් සඳහා ලබා දී ඇති app එකක් භාවිතා කළ හැකි බැවින් පැහැදිලි විනිවිදභාවයක් ඇත.
    3. . පෞද්ගලික සමාගම් සහ රාජ්‍ය ආයතන පවා සේවකයින්ට නිල වාහන ලබා දෙන්නේ නම් බලපත්‍රය සඳහා ගෙවිය යුතුය. මෙය කාර්යාල වාහන භාවිතය ද අධෛර්යමත් කරනු ඇත.
    4. . කුලී රථ (taxi) සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු අතර බලපත්‍ර ගාස්තුවෙන් නිදහස් විය යුතුය. (Taxi ලෙස බලපත්ර ගෙන office යාම GPS traking මගින් බලාගත හැකිය)
    5. බලපත්‍ර සහිත වාහන සඳහා පහසුවෙන් හඳුනා ගැනීම සඳහා වෙනස් වර්ණ අංක තහඩු ලබා දිය යුතුය.
    6. පෞද්ගලික කාරණා සඳහා (උදා: සංචාරය, නැදෑ ගමන් බිමන්, දිගු ගමන් සඳහා (දිස්ත්‍රික්ක අතර) වාහනය භාවිතා කිරීමට අවශ්‍ය නිසා, බලපත්‍ර නොමැතිව කාර්යාල වේලාවන් තුල මසකට දින හතරක උපරිමයක් දක්වා ධාවනය කිරීමට ඉඩ දෙයි. (GPS tag සහිතව වාහනය ලියාපදිංචි කර ගැනීම අයිති කරුගේ වගකීමක් වන අතර ගාස්තු ගෙවිය යුතු නැත). පොලිසිය එම වාහන වාර්තා කලද GPS traking දැනටමත් පද්ධතිය තුළ ඇති බැවින් එම වාහන ස්වයංක්‍රීයව නිදහස් වේ.
    7. මේ යටතේ පොලිසිය app එක මගින් චායාරූප සාක්ෂි සහිතව වාර්තා කිරීම පමණක් කරන අතර කිසිදු වාහනයක් නවත්වන්නේ නැත. දඩය ගෙදරට එයි.

සෑම දෙයක්ම එකිනෙකට සම්බන්ධ වී ඇති නිසා මේ කරුණු හතරම එකවිට ක්‍රියාත්මක කළ යුතුය. අපි එකක් හෝ ක්‍රියාත්මක නොකළ හොත් අනෙක් ඒවායේ ඵලදායිතාවද නැතිවී යනු ඇත.

 

Gayanath Rathnayaka

Head of Section (Project Planning, Monitoring & Cost Controlling)
Colombo Dockyard PLC
Ship Repairers, Ship Builders & Heavy Engineering
Tel Direct : + 94 11 2429079
Mob : + 94 77 3957057
E-Mail : gayanath@cdl.lk

 

Facebook Twitter LinkedIn Email Print