null null IESL Youtube IESL Slideshare
SLEN new Banner
The Official e-newsletter of the Institution of Engineers Sri Lanka  | Issue 38 - January 2018
Please add IOES18@wildapricot.org to your address book to ensure that our emails reach your inbox.
SLEN
President's Corner

Editorial

Council Decisions Now Available in the IESL Web Site
Call for Papers for 112th Annual Sessions
Auspicious start to the 2018 programme
Letters to the Editor
Tell Your Story through IESL Digital SLEN
ARTICLES
Present Status and the Future of the Sri Lankan Power System
Free Trade Agreements - Bane or Boon?
Safety in Buildings
The right professional for the right position
c
Establishing Project Management Units (PMU’s)
Occupational Stress
IESL News
IESL Sectional Committee News
Toastmasters Speechcraft Program
The Annual Sessions of IESL Wayamba Chapter
Women Engineers Day-2018
IESL Christmas Party 2017 – The Fun & Joy
Upcoming Events
IESL Public Lectures
   
 
Letters to Editor banner
Letters to Editor
 

SLEN 2017 සැප්තැම්බර් කලාපයේ මා හට ඒවා ඇති පිළිතුරු ලිපිය සම්බන්ධයෙනි. මුලින් මා මෙයට පිළිතුරු ලිපියක් නොලියා සිටීමට සිතා සිටි නමුත් ඔබ විසින් අසත්‍ය මතයක් සමාජගත කිරීමට අමතරව අධික පිරිවැයක් ඇතිව විදුලිය නිපදවීම සාධාරණීකරණය කිරීම වෙනුවෙන් පිටු 8 පුරා ලියා ඇති (කිසිදු මූලාශ්රයක් හෝ ගණනය කිරීමක් නොමැතිව - අවසානයට ඇති ධම්මපද ගාථාවට පමණක් මූලාශ්රය දක්වා ඇත. අන් ඒවා කිසිවකටත් දක්වා නැත) ලිපියේ ඇති සාවද්ය කරුණු වල ව්‍යාජත්වය SLEN පාඨකයන්ට හෙළි කිරීමට මාගේ වගකීමක් ඇති බැවින් මෙම පිළිතුරු ලිපිය ලිවීමට තීරණය කලෙමි.

 

පිළිතුරු ලිපියට ප්‍රවේශයක් ලෙස ඉහත ලියුම්කරු පුනපුනා පවසන පරිදි සංයුක්ත බලාගාර (CCGT - Combined Cycle Gas Turbine) වනාහි අනන්ය තාක්ෂණයකි - එහි වාදයක් නොමැත. එබැවින් ලංකාවේ ඇති තවත් එවැනිම විදුලි බලාගාරයක් වන AES කැලණිතිස්ස බලාගාරයේ සහ කෙරවලපිටිය බලාගාරයේ (Westcoast Powerplant ) ) අදාල ප්‍රාග්ධන ආයෝජනය අය කරගැනීමේ සාධකය වන (Capital Cost Recovery Rate (CCRR)) සංසන්දනය කර බලමු.

<

 

  කෙරවලපිටිය බලාගාරය AES කැලණිතිස්ස බලාගාරය
Capital Cost Recovery Rate - US$ per kW 2021 643
මූලාශ්‍රය - අදාළ PPA සහ ඒ පිලිබඳ 2014 කරන ලද අධ්යයන වාර්තාව : (Pathfinder Foundation-Sri Lanka, Economic Consulting Associates-UK, KPMG Sri Lanka විසින් )
     

AES බලාගාරයේ එක් කිලෝවොට් එකක් සඳහා ධාරිතා මිල ඒ බලාගාරයේ ගිවිසුමට (PPA ) අනුව 643 US $/kW වන අතර එම ගිවිසුම සකස් කරන ලද 2000 වර්ෂයේ එම අගය 2014 වර්ෂය සඳහා සකස් කල විට 1190US$/kW අගය ලැබේ (ප්රාග්ධන වියදම් වල වැඩිවීම සහ මූල්‍ය අවප්‍රමාණ වීම් සකස් කල විට). එම 1190US$/kW අගය වනාහි කෙරවලපිටිය බලාගාරයේ 2021US$/kW සමග සංසන්දනය කළහැකි අගයකි.

 

මෙම බලාගාර දෙකම එකම තාක්ෂණයක් ඇති අතර එක හා සමාන විදුලි විකිණීමේ ගිවිසුම් ව්යුහයක් (PPA Structures) ඇත. බලාගාර දෙකම ඇත්තේ ශ්‍රී ලංකාවේය. එසේනම් AES බලාගාරයේ CCRR අගය මෙන් 3 ගුණයකට වැඩි මුදලක් නැතහොත් 2014 වර්ෂයට සාධනය කරන ලද අගය මෙන් දෙගුණයකට ආසන්න මුදලක් කෙරවලපිටිය බලාගාරය වෙනුවෙන් මහජන මුදලින් ගෙවන්නේ කුමක් නිසාද? කුමන හේතුවක් නිසාද?

 

මෙය තව දුරටත් පැහැදිලි කරගැනීමට කෙරවලපිටිය බලාගාරයේ ප්රාග්ධන වියදම (PPA ගිවිසුමට යොදාගත් අගය) ලෝකයේ වෙනත් පිළිගත් බලාගාර / අධ්‍යන වල ඇති ප්‍රාග්ධන වියදමත් සමග සන්සන්ධනය කර බලමු.

 

මූලාශ්‍රය වර්ෂය සංයුක්ත බලාගාර (CCGT ) පිරිවැය ඒකක කිලෝවොට් එකක් සඳහා US $/kW
අන්තර්ජාතික බලශක්ති ඒජන්සිය (IEA) 2010 969
ඇමෙරිකා එක්සත් ජනපදය EPRI, USA (Integrated Technology Generation Options) 2011 1060-1150
ඔස්ට්රේලියාව Australian Energy Market Operator (Cost of construction, prepared by WorleyParsons) 2012 1002
සිංගප්පූරුව Energy Markets Authority, Singapore (Vesting Contract Parameters, prepared by DNV Kema) 2013 1152
ශ්‍රී ලංකාව CEB, Sri Lanka (Long-Term Generation Expansion Plan) 2013 935
මූලාශ්‍රය - ඉහත සඳහන් පරිදි
     

කෙරවලපිටිය බලාගාරය පමණක් එම බලාගාරයේ විදුලිය මිලදීගැනීමේ ගිවිසුමට අනුව එහි ප්රාග්ධන වියදම ඉහත අගයන්ගේ සාමාන්ය අගය මෙන් දෙගුණයක අගයක් එනම් 2000 US$/kW වලට වැඩි අගයක් ගනී. මෙය සිදුවී ඇත්තේ කෙසේද යැයි එම බලාගාර කළමනාකරු අප SLEN පාඨකයන්ව දැනුවත් කරණු ඇතැයි අප උදක්ම බලාපොරොත්තු වෙමු! එය තවත් “තමා පමණක් නිවැරදි සහ ඉහත සඳහන් ලොව පිළිගත් විශේෂඥයන්/අධ්යයන සමාගම් සියල්ලම වැරදි යි” වෘත්තිකයෙකුට තරම් නොවන තර්කයක් නොවණු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.

 

මෙතෙක් සිදුවූ ලිපිවල සාරාංශය මෙසේය.

 

1. මෙම ලිපි මාලාවට හේතුවූ මුල්ම ලිපිය වන්නේ මා විසින් SLEN 2016 නොවැම්බර් කළාපයට යොමු කල ලිපියකි. මා මෙම ලිපිය ලිව්වෙත් බහුතර පාඨකයන් පිරිසක් උකහගත්තෙත් (මා හට ලැබුණු බහුතර ප්රතිචාර අනුව) දරාගත නොහැකි පිරිවයකට විදුලිය ලබාදීමෙන් ඇතිවෙන පාරසරිකල සමාජීය සහ ආර්ථික බලපෑම්ය. (environmental, social & economic impacts of not having affordable electricity). එම ලිපියේ ඇති සියලුම ගණන් මිනුම් උකහාගෙන ඇත්තේ පිළිගත් රාජ්‍ය සහ අන්තර්ජාතික වාර්තා මූලාශ්‍ර වලිනි.

 

2. එම ලිපියේ කොටසක PUCSL වාර්තාවට (Source - PUCSL 2015 first half Generation Performance) අනුව 2015 මුල් භාගයේ කෙරවලපිටිය විදුලි බලාගාරයේ ඒකක විදුලි පිරිවැය රුපි. 45.76 බවත් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ඒකක පිරිවැය රුපි. 7.63 බවත් දක්වා තිබුණි. එනම් කෙරවලපිටිය බලාගාරය හෙවත් ස්වභාවික වායු බලාගාරය නැමති බෝඩ් එකක් සහිතව දැවිතෙල් / ඩීසල් මගින් විදුලිය ජනනය කොට 6 ගුණයක් වැඩි මිලක් මහජනතාවගේ මුදල් වලින් ගෙවීම තාර්කික ක්‍රියාවක් නොවන බවත්, යෝජිත ගල් අඟුරු බලාගාරය අවලංගු කොට තවත් එවැනිම ව්‍යාපෘතියක් කිරීමේ ආදීනව වක්‍රාකාරයෙන් ගෙවන්නේ අප රටේ දුප්පත් බදු ගෙවන ජනතාව බවත්ය.

 

3. 2017 අප්‍රේල් SLEN කළාපයට පිළිතුරු ලිපියක් ලිවූ කෙරවලපිටිය බලාගාර කළමනාකරු මෙම ගණනය කිරීම් (PUCSL වාර්තාව) සාවද්‍ය බව පවසන ලදී. 2017 ජුනි SLEN වෙත නැවතත් පිළිතුරු ලිපියක් ලිවූ මම, ඉංජිනේරු තරිඳු ජයත් ට අභියෝග කර සිටියේ එම ගණනය කිරීම් වැරදි නම් (තවත් ලෙසකින් කිවහොත් 2015 මහ බැංකු වාර්තාවද වැරදි නම්) එය පිළිගත් ගණනය කිරීමකින් පෙන්වා දෙන ලෙසය. 2017 සැප්තැම්බර් SLEN කලාපයට පිටු 8 පුරා පිළිතුරු ලිපියක් ලියා ඇති ඉංජිනේරු තරිඳු එම ගණනය කිරීම දක්වා නැත.

 

වෘත්තීය ඉන්ජිනේරුවරයෙකුත්, විදුලි බලාගාර කලමනකරුවෙකුත් වෙන ඉංජිනේරු තරිඳු විසින් පිටු 8 පුරා ලියා ඇති පදමනක් නොමැති, මූලාශ්රයක් නොමැති, කිසිදු ගණනය කිරීමක් නොමැති හුදෙක් මා "බ්ලොග්කරුවෙක්” නමැති රාමුවකට කොටු කොට අදාළ තර්කයෙන් පැන යෑමට තැත් කර ඇති ඔහුගේ පිළිතුරු ලිපියේ ප්‍රධාන ව්‍යාජ කරුණු මෙසේ සාරාංශ ගත කරමි.

  • පළමු පිළිතුරු ලිපියෙත් දෙවනුව ලිවූ පිටු 8 ක ප්‍රති පිළිතුරු ලිපියේත් ඉහත පැවසු රාජ්‍ය වාර්තා වැරදි වන්නේ කෙසේදැයි සඳහන් කොට නොමැත. වැරදි බව පවසා ඇති නමුත් වැරදි වන්නේ කෙසේද යන්න පැහැදලි කොට නොමැත. ගණනය කිරීම් ගැන රචකයාගේ නොදැනුවත් බව / තර්කයේ අසමත්බව පෙන්වීමට යොදා ඇති (පාඨකයා නොමග යැවීමට) උදාහරණ කිහිපයක් - "නොමග යවන සුළු ප්‍රතිපල ලබා දෙන බව සාමාන්‍ය අවබෝධයයි" වැනි යෙදුම් ගණනය කිරීමේ සම්මත ක්‍රියා පටිපාටියක් මූලාශ්‍ර නොකර මේ පවසන්නේ කුමක්ද?

ලිපිය පුරා අදාළ ප්‍රස්තූත කාරණය (එනම් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ සහ කෙරවලපිටිය බලාගාරයේ එකක පිරිවැය ගණනය කිරීමේ දෝෂ - නිසි ගණනය කිරීමකින්) පැහැදිලි කරනවා වෙනුවට සියලුම රාජ්‍ය වාර්තා වැරදි බවත්, බ්ලොග් කරුවන්ට පදනම් විරහිත අපහාස කිරීමටත් යොදාගෙන ඇත. විදුලි ඒකකයටක රුපි. 45.75 ක් වැනි මුදලක් අය කිරීමට හැකිය. එය වාර්තා කල PUCSL වාර්තාවත් මහ බැංකු වාර්තාවත් (ඒ ආශ්රයෙන් ලිවූ මාගේ යථෝක්ත ලිපියත්) යන සියල්ලම මෙම ලියුම්කරුට අනුව වැරදිය. මා විසින් SLEN හි ඇති ලිපියකට පිළිතුරු ලිවීමට බ්ලොග් ලිවීමක් සම්බන්ධ කරගත්තේ මන්දැයි පාඨකයන්ට නිසැකයෙන්ම අවබෝධ වන්නට ඇතග වාර්තා වැරදි යි පුන පුනා කීමෙන් හෝ වාර්තා උකහාගත් ලේඛකයා බ්ලොග් ලිවූ පමණින් වාර්තා වැරදි වන්නේ නැත.

 

  • පිළිතුරු ලිපිය පුරා ඇති අනෙක් කරුණ වන්නේ මෙම විදුලි බලාගාර පිලිබඳ විෂය ඉතා සංකීර්ණ විෂයක් බවකි. මා විසින් මගේ බ්ලොග් අඩවියේ මෙම තාක්ෂණික කරුණු සරල ලෙස විග්‍රහ කොට සාමාන්‍ය පාඨකයන්ටත් ගම්‍ය වන ලෙස කරුණු ඉදිරිපත් කර තිබීම නොමනා ක්‍රියාවක් ලෙස ඔහුගේ ලිපිය පුරා ලියා ඇත. SLEN හි පළවූ මගේ ලිපියට පිළිතුරු ලිවීමට ගොස් ඇති ඔහු අවසානයේ මගේ බ්ලොග් ලිපි වලටත් පිළිතුරු ලියා ඇත. මෙහිදී සංවාදයට බඳුන්වී ඇති ගණනය කිරීම මග හැරීමට ඔහු හැකි සියලුම උපක්‍රම යොදාගෙන ඇත.
    උදා: ලිපිය අවසානයේ දමා ඇති ධම්ම පද ගාථාව, ලිපිය පුරා ඇති මෙවැනි ප්‍රකාශ : "බ්ලොග් රචකයෙකුටම ඔබින සහාසික ප්රකාශ”, "බ්ලොග් රචකයෙකුගේ මානයෙන් ඔබ්බට නොයෑම” , "බ්ලොග් රචකයන් නොදන්නා බව නොරහසකි”
 
1
 

තර්කයක් ගොඩ නැගීමේ මූලික සංකල්පවත් නොදන්නා බව මැනවින් පෙන්වා ඇති ලියුම්කරු ඔහුගේ මතයන් (opinion) දත්තයන් (facts) සමාජ ගත කිරීමට අසාර්ථක උත්සාහයක යෙදී ඇත. ඒ සඳහා ඔහුගේ එක් හේතුවක් වන්නේ මේවා ඉතා සංකීර්ණ විෂයන් බවකි. හොඳින් විෂය අවබෝධ කරගත්තෙකුට එය සරල ලෙස ඉදිරිපත් කිරීම කල හැකි සහ කර ඇති කටයුත්තකි. මා තාක්ෂණික කරුණු පිලිබඳ සිංහලෙන් blog ලියන්නේත් වෙනත් සිංහල මාධ්‍ය වලට ලියන්නෙත්, විද්‍යාව හා තාක්ෂණ දැනුම සම්ප්‍රේෂණයේදී භාෂාව බාධකයක් නොවිය යුතුය යන අරමුණෙනි.

 
3
 

තවද යාන්ත්‍රික ඉංජිනේරුවෙක් වන ලියුම්කරු,  විදුලි ඉංජිනේරුවෙක් වන මා හට අභියෝග කරන්නේ විදුලි පද්ධති පිලිබඳ මා හට තේරෙන්නේ නැති බවය. මෙය මූලික ඉංජිනේරු ආචාරධර්ම (Engineering Ethics) පවා උල්ලංඝනය කිරීමකි. උදා -

 
2
 

මෙසේ පවසන්නේ යාන්ත්‍රික ඉංජිනේරුවරයෙක් වන තරිඳු ජයත්ය. අභියෝග කරන්නේ විදුලි ඉන්ජිනේරුවරයෙකුටය. මගේ මුල් ලිපියේ අවසානයේ මා පිලිබඳ හැඳින්වීමක් කර තිබු නමුත් ඔබ එය නොසලකා ඇති බැවින් මෙම ලිපිය අවසානයේ එය නැවතත් විස්තර සහිතව දමා ඇත. මීට අමතරව මගේ වර්තමාන රැකියාවේ ප්‍රධාන කර්තව්‍යක් වන්නේ - මෘදුකාංග මගින් විදුලි පද්ධති අනුරුපණය (simulation) කොට ඉදිකිරීමට පෙර ඒවායේ යෝග්‍යතාවය පරික්ෂා කිරීමය (Power System Simulation with ETAP software) - ඉදින් මාගේ ඒ පිලිබඳ දැනුම ඔබට ප්‍රත්‍යක්ෂයක් වනු ඇත. ඕනෑම අයෙකුට මවිසින් ලියුදෙය පදනමක් සහිතව තාර්කිකව අභියෝග කල හැක. කෙසේ නමුත් මා නැවතත් අභියෝග කොට පවසන්නේ මාගේ දැනුවත්කම නොදැනුවත්කම නොසොයා මූලාශ්‍ර සහ ගණනය කිරීම් සහිතව ඔබේ මතය තහවුරු කරන ලෙසය. නැතිනම් එය තවත් පදනම් රහිත මතයක් පමණි (baseless opinion).

 

සමස්ථයක් ලෙස ඔබගේ තර්ක කිරීම මෙවැනි දෙයකට සමාන කල හැකිය. ගමක බසයක් ධාවනය කරන රියදුරු සිතා සිටින්නේ බසය ගැන ඔහු සියල්ල දන්නා බවත් එහි යාන්ත්‍රික ක්‍රියාකාරිත්වය පමණක් නොව රටේ ප්‍රවාහන ක්ෂේත්‍රය ගමන් කල යුත්තේ කුමන දිශාවටද යන්නටද ඔහුට මානා අවබෝධයක් ඇති බවය. ඔහුට අනුව බස් රථය නිෂ්පාදනය කල සමාගමේ Design Engineer ටත් රටේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ විෂය ප්‍රවීනයනුත් (Transportation & Traffic analysers) ඔහු තරම් දැනුවත් නැත. එම රියදුරු සිටින්නේ ඔහුගේ ලෝකයේය - තෙල් වතුර බලා බස් රථය දිවීමත් එය කැඩුණු විට අමතර උපාංගයක් (spare -part) එකක් දමා සාදා ගැනීමත් කාල වෙලාවට අවශ්‍ය නඩත්තුව (scheduled maintenance) කිරීමටත් වඩා පරිණත දෙයක් නැත.

 

මීට සමාන උදාහරණ කිහිපයක් - උපුටා ගත්තේ යාන්ත්‍රික ඉංජිනේරු තරිඳු ගේ පිළිතුරු ලිපියෙනි.

 
33
 

දිනපතා බස් රථ රියදුරු යන පාරේ දකින දේ අනුව ඔහු ගන්නා නිගමන අනුව රටේම ප්‍රවාහන ක්ෂේත්‍රය වෙනස් කල යුතු බව සිතයි (ඔහුට අනුව දුම්රිය (metro/express train etc) අවශ්ය නැත. බස් රථ ධාවනය කරන්නේ ඉතාමත් ලාභයට සමාජ සත්කාරයක් ලෙසය). - ඒ බස් රථ රියදුරුගේ ලෝකයයි. එම බස්රථ රියදුරු සිතන්නේ ඔහු තරම් විෂය පිලිබඳ දනුවත්තෙකු නොමැති බවය - යාන්ත්රික ඉංජිනේරු තරිඳු ජයත්ගේ ඉහත ප්රකාශයත් එවැනිය.

 

ඔබ මෙයට පිළිතුරු ලිපියක් ලියන්නේ නම් පිළිගත් මූලාශ්‍ර වල දත්ත වලින් ආරම්භ කොට නිවැරදි ගණනය කිරීමක් ඇතුලත් කොට නිසි අයුරින් තාර්කිකව අදාළ නිගමන ගොඩ නගා පිළිතුරු ලිපියක් ලියා වැදගත් වෘත්තික සංවාදයක් (professional dialogue) ගොඩ නගනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

 

මීට,
විදුලි ඉංජිනේරු නදීර විජේසිංහ
nadeerawije@gmail.com

 

The writer Eng. Nadeera Wijesinghe is an Electrical Engineer by profession. He holds a Masters degree in Energy Systems from University of Gavle, Sweden (specialized in Sustainable Power Generation) and B.Sc (Eng) Hons from University of Moratuwa, Sri Lanka specialising in Electrical Engineering. Currently he serves as the Senior Electrical Engineer – Power System Design at M.A. Consultants in the State of Qatar.

 

 
After the Gale force Wind
 

Bad weather is undoubtedly known as “ Act of God”. Man can do very little on this but be prepared for weather – related disasters. Certainly a great deal of destruction followed in the wake of Gale-force wind claiming more than 10 lives , destroying over 100 houses and making nearly 100 people lodged in welfare camps .Some quarters may argue that even if the people had their earlier warnings ,similar damage would have occurred. General public is reluctant to leave their shelters even when forewarned because human nature naturally hopes for the best. For our country, It is well known fact that both general public and rulers easily forget what happened in the past even before a day is passed. Inhabitants living in coastal belt don’t know even whether Tsunami struck in 2004. However, it is the duty of rulers and officers to tighten the systems to prevent lives our loved ones from any such tragedy.

 

It is obvious that met department in Sri Lanka operates with limited resources ( staff and equipment) and not possible to deploy observers all along the coast to warn of impending storms. But today with the highest penetration and propagation of mobile phones which almost every man and his family own, physically visible symbols can be disseminated.

 

At present Sri lanka has abandoned an initiative to use satellite technology during natural disasters leaving Rs 72 million worth of equipment unused for four years before finally disassembling it as per the Auditor General report.

 

Electrical and Electronics engineers in our Engineering community should come forward and take an initiative using their vast knowledge in this regard to provide a solution during era we boast on “ SMART “ technologies.

 

Eng PW Sarath
F 979 A
Fellow Member – IESL Council 2017/2018

 
articles submit
 
2017-18 Council Members
 
"All Council Members can be contacted via email or phone by first login as a member to MyIESL and then accessing the Council Directory. It is also possible to communicate your concerns from anywhere in the world by posting them to the Forum - Meet The President and Council from the Forum page"
 
slen
Digital SLEN Issue 37
Digital SLEN Issue 36
Digital SLEN Issue 35
Digital SLEN All Issue
Follow us on
 
Facebook Twitter Youtube IESL Slideshare